ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ අද (18) උදෑසන මහනුවර පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.
නාහිමිගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්ස්වය එළැඹෙන 21වැනිදා ප.ව. 04ට මහනුවර, ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී සිදුකිරීමට ආදාහන කමිටුව තීරණයර ඇත.
අපවත් වනවිට 96 වැනි වියෙහි පසුවූ අතිපූජ්ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේ නමකි.








