අග්බෝ ඇතා සොයා ගැනීමේ කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් පරිසර අමාත්යවරයා සහ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයා අග්බෝ ඇතා සොයා ගැනීමේ මෙහෙයුම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක් පිටත් කර යවා ඇත.
අග්බෝ ඇතා සිටින ස්ථානය හඳුනාගෙන ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම මෙහෙයුම ක්රියාත්මක කෙරේ.
වන අලි සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, අදාළ රාජ්ය ආයතනවල සහයෝගයෙන් අග්බෝ ඇතා සොයා ගැනීම සඳහා අවශ්ය කටයුතු සිදු කෙරේ.














