
හෝමූස් සමුද්ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ තෙල් ප්රවාහන නෞකා දෙකක්, මුහුදු බෝම්බවල ගැටීමෙන් ගිනිගෙන ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පවසයි.
“රෙගුලාසි උල්ලංඝනය කරමින්, බොරතෙල් බැරල් මිලියන දෙකකට වඩා රැගෙන හෝමූස් සමුද්ර සන්ධිය හරහා නීතිවිරෝධී ලෙස ගමන් කිරීමට උත්සාහ කළ ඉන්ධන ප්රවාහන නෞකා දෙකක් මුහුදු බෝම්බවල ගැටී විනාශයට පත්විය,” විප්ලවවාදී ආරක්ෂකයින් පැවසීය.
සිද්ධිය සිදුවූ නිශ්චිත ස්ථානය එම ප්රකාශයේ සඳහන් කර නොමැත.
මෙම නෞකා අයත් රාජ්ය ගැන ඉරානය ප්රකාශයක් නොකළේය.
“එක්සත් ජනපද සහාය ඇතිව නෞකාව සමුද්ර සන්ධිය තරණය කිරීමට උත්සාහ කළා… එහි සියලුම ලුහුබැඳීමේ පද්ධති අක්රිය කිරීමෙන් පසුවයි ඔවුන් එය කළේ” රාත්රියේදී ගිනිගෙන දැවෙන යාත්රාවක වීඩියෝවක් ද පළ කරමින් ආරක්ෂකයින් තවදුරටත් පැවසීය. බ්රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ඉරාන හමුදාව පැවසුවේ අරාබි මුහුද දක්වා විහිදෙන ඕමාන් බොක්කෙහි ටෙහෙරානය “තහනම් කලාපය” ලෙස හඳුන්වන ප්රදේශයේදී ද ඉන්ධන ප්රවාහන නෞකා දෙකක් ගිනිගත් බවයි.
මූලාශ්රය – ඒෆ්පී














