රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර සියලුම දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවයි

අද (25) මධ්‍යම රාත්‍රි 12 සිට නැවත දැනුම්දෙනතුරු රඹුක්කන සහ පේරාදෙණිය – ගම්පොළ අතර සියලුම දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව අත්හිට වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව අද (25) සවස නිවේදනය කළේය.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර, කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්‍රිය වී දුම්රිය මාර්ගය මතට පස් සේදී එමින් පවතින හෙයින් මෙම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.

මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය ධාවනය සඳහා පූර්ණ ආරක්ෂිත බව තහවුරු වන තෙක් මෙලෙස රඹුක්කන සහ පේරාදෙණිය හා  ගම්පොල අතර සියලුම දුම්රිය ධාවන කටයුතු නැවත දැනුම් දෙනතුරු අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අදාළ කාලසීමාව තුළ ධාවනයවීමට නියමිතව තිබූ දුම්රියන් සඳහා මුදල් ගෙවා ආසන වෙන් කරවා ගත් මගී ජනතාවට, ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල දුම්රිය ස්ථානයකින් නැවත ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website