විහාර මහාදේවි උද්‍යානයේ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් උලපනේ සුමංගල හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා මැදිහත්වන බවට ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් දැනුම් දී ඇති බැවින් කොළඹ විහාරමහා දේවි උද්‍යාන පරිශ්‍රයේ පවත්වා ගෙන ආ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේ සමඟ අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් සුමංගල හිමියෝ බව සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් පළ කරමින් උන් වහන්සේ මෙසේ ද පැවසූහ,  “අද වන විට ත්‍රෙනිකායික මහා ස්වාමීන් වහන්සේලා අප දෙස උපේක්ෂාවෙන් බලලා, අපට නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා ඤාණසාර හිමියන් නිදහස් කර ගැනීමේ කටයුත්තට උන් වහන්සේලා මැදිහත් වන බවට. එතෙක් අපි කරන මේ විරෝධතා තාවකාලිකව ඉවත් කර ගන්නා ලෙස උන් වහන්සේලා අපට දැනුම් දී තිබෙනවා.

ශාසන භාරධාරීන් හැටියත්, අපේ භාරධාරීන් හැටියටත්, සම්බුද්ධ ශාසනයේ භාරධාරීන් හැටියට කටයුතු කරන්නේ ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා. උන් වහන්සේලා අපට ලිඛිතව මේ දැනුවත් කිරීම කරලා තිබෙනවා” සුමංගල හිමියෝ පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website