රටේ ස්වභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිද්ධියේදී අදාළ පාර්ශ්ව සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේද යන්න තහවුරු කර ගැනීමටත්, ඒ අනුව එම ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු කර ගැනීමත් වෙනුවෙන් විපක්ෂය විසින් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා කතානායකවරයා වෙත අද (23) දින යෝජනාවක් බාර දෙන ලදී.
එහි දී මෙම විශේෂ තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සමසභාපතීත්වයක් පත් කරන ලෙසට ද විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.














