ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය: දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද දින (ඔක්තෝබර් මස 25) පෙ.ව. 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 15.1° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි. මෙම පද්ධතිය බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා නිරිත දෙසට ගමන්කර ක්‍රමයෙන් හැරී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවටත් තවදුරටත් තීව්‍ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් තවදුරටත් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.

උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website