නිවසේ පිටුපස සිටිය දී වන අලියෙකු පහර දීලා – රෝහල් ගත කළ පුද්ගලයා මරුට

අඹන්පොල පොලිස් වසමේ මහාදිවුල්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා අඹන්පොල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ඊයේ (25) අඹන්පොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 42 ක් වූ මහාදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු ඔහුගේ නිවසේ පිටුපස රැඳී සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. අඹන්පොල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඉහත ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කළ ඡායාරූපයකි – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website