ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (26) දින පෙරවරු 09.00ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය හෙට (27) පෙ.ව 09:00 දක්වා වලංගු වන බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙම නිවේදනය අනුව පහත සඳහන් දිස්ත්රික්කවල ප්රා.ලේ. කොට්ඨාශය සහ අවට ප්රදේශවලට අදියර 02 ( අවධානයෙන් සිටින්න) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
- කළුතර දිස්ත්රික්කය – වලල්ලාවිට සහ බුලත්සිංහල
- කෑගල්ල දිස්ත්රික්කය – දෙහිඕවිට සහ ගලිගමුව
- නුවරඑළිය දිස්ත්රික්කය – අඹගමුව කෝරළය සහ නොර්වුඩ්
- රත්නපුර දිස්ත්රික්කය – රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, ඇලපාත, අයගම සහ නිවිතිගල
අදියර 01 (විමසිලිමත්) නිවේදනය වලංගු වන දිස්ත්රික්ක සහ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ පහත දැක්වේ.
- ගාල්ල දිස්ත්රික්කය – තවලම
- ගම්පහ දිස්ත්රික්කය – අත්තනගල්ල
- කළුතර දිස්ත්රික්කයේ – මදුරාවල, බේරුවල, මිල්ලනිය සහ හොරණ
- මහනුවර දිස්ත්රික්කය – උඩදුම්බර, පස්බාගේ කෝරළය, උඩපළාත සහ උඩුනුවර
- කෑගල්ල දිස්ත්රික්කයේ – කෑගල්ල, මාවනැල්ල, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ යටියන්තොට
- කුරුණෑගල දිස්ත්රික්කයේ – නාරම්මල සහ කුරුණෑගල
- රත්නපුර දිස්ත්රික්කයේ – කිරිඇල්ල සහ ඕපනායක













