නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට

සමාගම් අධ්‍යක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් ලබාගෙන එම නිවාස අර්ධ වශයෙන් ඉදිකර මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකර වංචා කිරීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකර ඊයේ (27) මෙම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27 හා සැකකරිය අවුරුදු 19 ක් වන පූගොඩ සහ දොම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් විසින් නිවාස ඉදිකර දෙන බවට පවසා මෙලෙස රුපියල් 38,770,000/- ක (තුන් කෝටි අසූ හත් ලක්ෂ හැත්තෑදහසක්) ලබාගෙන නිවාස අර්ධවශයෙන් ඉදිකර මුදල් සම්බන්ධ සාපරාධී විශ්වාසය කඩකර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී ඇත.

මෙ සම්බන්ධව තවදුරටත් මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website