සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් සැකකරුවන් රඳවා තබාගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීම ඇතුළු ආන්දෝලනාත්මක වගන්ති ඉවත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ඉවත්වෙනු” මෙහෙයුමේ වසරක ඇගයුම, ආගමික සමුළුව අමතමිනි.
මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත තමයි අපි දීර්ඝ කාලයක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා යොදා ගත්තේ. පුද්ගලිකව ගත්තොත් අපි දිර්ඝ කාලයක් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට විරුද්ධ වුණ අය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් බැට කාපු අය. ඒනිසා එවැනි නීතියක් අවශ්‍ය නැති බව පිළිගන්නවා.
අපිට සංවිධාන්තම අපරාධ වැළක්වීම සඳහා නීතියක් අවශ්‍යයයි. දැන් අපි ඒ නීතිය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට විරුද්ධ කණ්ඩායම් දෙකක් ඉන්නවා සංවිධානාත්ම අපරාධකරුවන්ගේ වරප්‍රසාද ආරක්ෂාව ලබන. ඒ කණ්ඩායම් අපි ගන්නනේ නෑ. තව කණ්ඩායමක් ඉන්නවා අපේ රටේ මානව හිමිකම් පිළිබඳ කතා කරන. අපි ඒ කණ්ඩායම් එක්කත් සාකච්ඡා කරන්න ලෑස්තියි.
මේකෙන් කිසිසේත්ම ජනතාව මර්ධනය කරන්න, ජනතා අයිතිවාසිකම් උල්ලඝනය කරන්න අවශ්‍යතාවයක් නෑ. අපිට අවශ්‍ය සංවිධානත්මක අපරාධ මැඩ පැවැත්වීමට නීතියක්. ඒ නීතිය හදන එක තමයි අපේ වැඩේ. දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පනත තියෙනවා. ඒක සාකච්ඡාවට බඳුන්වෙමින් තියෙනවා. ඒ පනතට විරුද්ධ අධිකරණයට ගියපු අය මූලික වශයෙන් කරුණ තුනක් මතුරකලා තියෙනවා.
එකක් රඳවාගැනීමේ කාලය. මේ පතන ඇතුළේ රඳවාගැනීමේ කාලය පැය 72යි. ඒක වැඩියි කියලා යෝජනාවක් තියෙනවා. අපි ඒක පැය 48 දක්වා සංශෝධනය කරන්න ලෑස්තියි. අපි සවන්දෙන්න ලෑස්ති. තව සංවාදයක් තියෙනවා පච්ච. සංවිධානාත්මක කණ්ඩායම් හඳුනාගන්න ක්‍රමවේදයක් ඒක. නමුත් ඒක අපේ රටේ නැතිනම් අපට ඒ නීතිය ඕනේ නෑ. අපි ඒක අයින් කරගන්නත් ලෑස්තියි.
තව පණතේ ආන්දෝලනයට ලක්වෙලා තිබෙනවා සුරාබදු ආඥා පනත යටතේ කෙරෙන වරදවල්ද සංවිධානාත්මක අපරාධ පනත යටතේ කරන්න පුළුවන් කියලා. සුරාබදු ආඥා පනත යටතේ වෙන වරදවල් සංවිධානාත්මක අපරාධ පනත යටතේ කරන්නෑ කියලා ඒකත් අයින් කරගන්නවා” ” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් පැවසුවේය.