මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයකට අනුව කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කර ඇති පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 18 සිට 19 දක්වා වැඩි වී ඇති අතර, බදුල්ල දිස්ත්‍රික්කය සඳහා වෙන් කර ඇති ආසන සංඛ්‍යාව නවයේ සිට අට දක්වා අඩු වී තිබේ.
2026 වසරේ ප්‍රධාන ඡන්ද හිමි නාමලේඛනය, 2026 (1) පරිපූරක ඡන්ද හිමි නාමලේඛනය සහ එක් එක් දිස්ත්‍රික්කයෙන් තේරී පත් විය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මත පදනම්ව, එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට ලියාපදිංචි වී ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98(8) වගන්තියට අනුකූලව තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම පසුගිය දා අංක 2511/02 දරන අති විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.















