අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ කල්ලි සමග ගොඩනැගුණු අපරාධ රාජ්‍යයට සහය දෙන අය සහ ඊට එරෙහි වන අයයි
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීම සඳහා සමාජය තුළ අවශ්‍ය මතවාදී සහ ආකල්පමය පරිවර්තනය ඇති කිරීමේදී ආගමික නායකයින්ට සහ ආගමික සංස්ථාවන්ට ප්රමුඛ කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජාතිය හමුවේ අද පවතින ප්‍රමුඛතම වගකීමක් වන එම කාර්යය ඉටු කිරීම සඳහා පෙරමුණ ගෙන ක්‍රියා කරන ලෙස සියලු ආගමික නායකයින්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ඉවත්වෙනු” මෙහෙයුමේ වසරක ඇගයුම, ආගමික සමුළුව අමතමිනි.
ජාති, ආගම් සහ වයස් බේදයකින් තොරව දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වාත්, සමාජයේ ගෞරවයට සහ වන්දනාවට ලක්වූ ආගමික සංස්ථාවන්ද ඇතුළුව රටේ සියලු ස්ථර වෙතත් විෂ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත වී ඇති ආකාරය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙම ව්‍යසනය පරාජයට පත් කිරීම වෙනුවෙන් රජය ආරම්භ කර තිබෙන පුළුල් වැඩපිළිවෙළද පැහැදිලි කළේය.
“රටම එකට” ජාතික මෙහෙයුමේ නිල වෙබ් අඩවිය වන www.1818.gov.lk වෙබ් අඩවිය දියත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.














