හරක් කටාගෙන් අල්ලස් ගැනීමේ සිද්ධිය: රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිනුම් සහ වාහන මාස තුනකට අක්‍රිය කරයි

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් සහ වාහන ඉදිරි මාස තුනක කාලයක් සඳහා අක්‍රිය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු රුවන් ධම්මික දිසානායක මහතා අද 05) නියෝගයක් නිකුත් කළේ ය.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් ලැබීය.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර නීතිඥ රඛිත රාජපක්ෂ ද අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරියක අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ, අත්අඩංගුවට ගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “හරක් කටා” හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්නගේ ජීවිතාරක්ෂාව තහවුරු කිරීම සහ ඔහු ආරක්ෂිත බන්ධනාගාරයකට මාරු කිරීමට කටයුතු කිරීම සඳහා ඩුබායිහිදී ඔහුගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොමිසම විමර්ශනයක් ආරම්භ කළ බව ය.

එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත සැකකාර රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ වාහන තුනක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කළ බවත් ඇය පැවසුවා ය.

ඒ අනුව, සැකකරුට එරෙහිව 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත යටතේ විමර්ශන පැවැත්වීම සඳහා ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව ද ඇය සඳහන් කළා ය.

නීතිඥ රඛිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරළ අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, බැංකු ගිණුම් සහ වාහන රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීමට නම් ඒවා අපරාධයකින් උත්පාදිත දේපළ බවට තහවුරු වන සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව ය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ, අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනතේ විධිවිධාන අනුව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බාධාවක් නොමැති බව ි. ඒ අනුව අදාළ බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා අක්‍රිය කරමින් නියෝගයක් නිකුත් කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website