යහන්ගල රක්ෂිතයේ සැරිසරන අලියෙකුට ළමයෙකු විසින් ගල් මගින් පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වන බවත් එම වීඩියෝව සම්බන්ධයෙන් සහ සිද්ධියට අදාළව ලද 119 පණිවිඩයක් අනුව විමර්ශන සිදුකළ උඩුදුම්බර පොලිස් ස්ථානය විසින් යහන්ගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුල්වීම සහ සත්ව හිංසයක් සිදුකළ වරදට බාලවයස්කාර සැකකරුවන් හත් දෙනෙකු පසුගිය දා (06) සවස අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
සැකකරුවන් සත්දෙනා අවුරුදු 15 සහ 16,17 වයසේ පසුවන එම ප්‍රදේශයේම ඉගෙනුම ලබන පාසල් සිසුන් වේ. සැකකරුවන් සත් දෙනාගේ දෙමාපියන්ද පොලිස් ස්ථානයට කැඳවා වරද සම්බන්ධයෙන් දැනුවත්කර, අවවාදකර මුදාහැරීමට උඩුදුම්බර පොලිස් ස්ථානය කටයුතුකර ඇත.











