දෙණියාය, බෙවරලිය ප්‍රදේශයේ කැලේදොළේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ තරුණයන් සිව්දෙනාගෙම මළ සිරුරු සොයා ගත් බව දෙණියාය පොලිසිය පැවසුවේය.
නාවික හමුදාව, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ක්‍රියාත්මක කළ සෝදිසි මෙහෙයුමකින් මෙම මළ සිරුරු සොයා ගත් බව පොලිසියය සඳහන් කළේය.
මරණයට පත් පුද්ගලයින් කොල්ලුපිටියේ පෞද්ගලික පරිගණක ආයතනයක රැකියාවේ නියුතු තරුණයන් බවත් ඔවුන් ඊයේ (07) දින දෙණියාය, බෙවරලිය ප්‍රදේශයට විනෝද චාරිකාවක් සඳහා පැමිණ තිබූ බවත් පොලිසිය පැවසුවේය.
මෙම පිරිසට තරුණයින් 07 දෙනෙකු ඇතුළත්ව සිට ඇතැයි කී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.











