මූල්‍ය වංචා සිදු කරන බවට ලද තොරතුරක්මත විදෙස් ජාතිකයින් පිරිසක් රැඳී සිටි හෝටලයක් සෝදිසියට ලක්කිරීමේදී පරිඝණක 23ක් සහ උපාංග රැසක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (09) නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
පානදුර දකුණ පොලිස් වසමේ හෝටලයක් තුළ චීන ජාතිකයින් පිරිසක් විසින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ව්‍යාපාරයක් හෝ මූල්‍ය වංචා සිදු කරන බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් සිදුකර පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාගන්නා ලද සෝදිසි වරෙන්තුවක් මත නල්ඕරුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක් 2026.11.06 සහ 07 වන දිනයන් තුල සෝදිසියට ලක් කර ඇත. මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, අපරාධ වර්තා කොට්ඨාසය, නිල සුනඛ කොට්ඨාසය හා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහය ලබාගෙන ඇත.
මෙම හෝටලය තුල චීන ජාතිකයින් 32 ක් රැඳී සිට ඇති අතර ඔවුන් විසින් යම් අපරාධයක් සිදුකර ඇතිද යන්න විමර්ශනය කිරීම සඳහා මොවුන් භාරයේ තිබූ පරිඝණක 23 ක් සහ උපාංග පොලිස් භාරයට ගෙන පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
විදේශීය ජාතිකයන් විශේෂයෙන් කණ්ඩායම් වශයෙන් මෙවැනි අකාරයට හෝටල්, ලැඟුම්හල්, නිවාඩු නිකේතන සහ වෙනත් නවාතැන් ගන්නා ස්ථානවල නවාතැන්ගෙන සිදුකර ඇති මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව තුල වැඩි වශයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර මෙවැනි නවාතැන්පලවල් ලබාදෙනු ලබන හිමිකරුවන් මේ සම්බන්ධයෙන් අවධානයකින් යුතුව ක්‍රියා කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 118, 119 හදිසි ඇමතුම් අංකයන්ට හෝ ළඟම ඇති පොලිස් ස්ථානය වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස ද පොලිසිය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.
















