කොළඹට බලපෑ ගංවතුරෙන් හානියට පත් ආහාර තොග පරීක්ෂා කර විනාශ කිරීමට PHI සංගමයෙන් විශේෂ වැටලීම්

පසුගිය 06 වැනි දා කොළඹ නගරය තුළ ඇති වූ ක්ෂණික ගංවතුරෙන් බලපෑමට ලක් වූ සහ පරිභෝජනයට නුසුදුසු යැයි සැලකෙන ආහාර තොග වෙළඳපොළට ආපසු ලබා දෙන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා ඉදිරි දිනවලදී කොළඹ ප්‍රදේශයේ වැටලීම් කිරීමට සූදානම් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේය.

ඔහු පැවසුවේ හදිසි ගංවතුර ප්‍රදේශ කිහිපයක ආහාර තොගවලට හානිකර ඇති බවට වාර්තා වන බවයි. මෙම වැටලීම්වලින් හඳුනා ගන්නා ආහාර තොග විනාශ කිරීමට පියවර ගන්නා බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

“බොහෝ තොග වෙළෙඳුන් දැනටමත් හානියට පත් ආහාර තොග ඉවත් කර බැහැර කිරීම සඳහා කොළඹ මහ නගර සභාවට භාර දී තිබෙනවා. නමුත් මේ ගැන වඩාත් පුළුල් විමර්ශනයක් සිදුවිය යුතු බව අපි හිතනවා. ඒ අනුව මේ සතිය තුළ දී විමර්ශන ආරම්භ කරනවා”මුතුකුඩ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website