ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයින්ට සමාගමෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රට තුළ උද්ගතව ඇති ලිට්‍රෝ ගෑස් හිඟය මැද සමාගම විසින් අලෙවි නියෝජිතයින්ට දැඩි නිවේදනයක් නිකුත් කර මින් අනතුරු ඇඟවීමක් කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ගෑස් සඟවා තබා ගැනීම, අලෙවිය සීමා කිරීම, නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා යාම හෝ අනුමත නොකළ අමතර ගාස්තු අය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස සියලුම ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම් දී ඇති බවයි.

පාරිභෝගික ජනතාවට බාධාවකින් තොරව සහ නියමිත මිලට ලිට්‍රෝ ගෑස් ලබා දීම තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද සමාගම අවධාරණය කර ඇත.

මෙම උපදෙස් සහ නියෝග නොසලකා හරින හෝ උල්ලංඝනය කරන අලෙවි නියෝජිතයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ ලිට්‍රෝ අලෙවි නියෝජිතභාවය පවා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට කටයුතු කරන බවත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය නිවේදනයෙන් අනතුරු ඇඟවීමක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website