කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (02) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මුරාසු” (Murasu) සුළි කුණාටුව, ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇත. 2026 නොවැම්බර් 02 වැනි දින උදෑසන 08.30 වන විට, මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 14.1° සහ නැගෙනහිර දේශාංශ 81.4° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි.
මෙම “මුරාසු” ප්‍රබල සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර, නොවැම්බර් මස 02 දින මධ්‍යම රාත්‍රිය සහ 03 දින අළුයම් කාලය පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 17 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 85 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
එසේම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැලකී සිටන ලෙසත් දැනුම් දෙනු ලැබේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
වැසි තත්ත්වය:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත හෝ දකුණු දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.
හලාවත සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය:
හලාවත මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60-70) ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.














