නොවැම්බර් මාසයේ ලිට්‍රෝ ගෑස් මිල ගණන් ගැන සමාගම ගත් තීන්දුව

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට තම සමාගම තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුව ද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද සමාගම පවසයි.

වත්මන් ලිට්‍රෝ ගෑස් මිල ගණන් යටතේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815ක මිලකට අලෙවි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website