ඩීසල් මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයකට යාමට නෛතික හැකියාවක් නෑ -පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

ඊයේ (01) මධ්‍යම රාත්‍රීයේ සිට ඩීසල් මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගත්ත ද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු මිල සූත්‍රය අනුව 04%ක ප්‍රතිශතයකට පැමිණ නැති බැවින් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බවය.

“ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඩීසල් රුපියල් පහකින් වැඩිවෙලා කියලා දැන ගන්න ලැබුණා. දැනට රුපියල් 15කින් වැඩිවෙලා තියෙනවා ඩීසල් ලීටරයකින්. නමුත් බස් කර්මාන්තයට පාඩුවක් තමයි ඒක. අපි ප්‍රතිපත්තිමය තීරණයක් අර ගෙන එදා ඉඳන්ම මිල සූත්‍රය අනුව 4%ක ප්‍රතිශතයකට ආවාම තමයි අපිට බස් ගාස්තුව වැඩි කරන්න වෙන්නේ. මේ අවස්ථාවේදී 4%ක ප්‍රතිශතය ඇවිත් නෑ. ඒ නිසා අපිට බස් ගාස්තුව වැඩි කරන්න නෛතික හැකියාවක් නෑ. කෙසේ වෙතත් අපිට වෙලා තියෙන්නේ පාඩුවට මේ බස් කර්මාන්තය ඇදගෙන යන්න. සාමාන්‍යෙන් කෙටි සේවාගමන්වලදි රුපියල් 1000ක පාඩුවක් දෛනිකව සිදුවෙනවා දුර සේවාවලදි රුපියල් 2000ක පාඩුවක් දෛනිකව සිද්ධ වෙනවා.” ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පුද්ගලික බස් කර්මාන්තයට මුහුණ දීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website