රට තුළ ඉන්ධන හිඟයක් නෑ – සංස්ථාවෙන් සහතිකයක්

ඇතැම් පෞද්ගලික ඉන්ධන සමාගම් සැපයුම් අඩු කළ ද රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසීය.

සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බවත්, බාධාවකින් තොරව බෙදා හැරීම අඛණ්ඩව සිදු කරන බව ද සභාපතිවරයා පැවසුවේය.

ආසන්න ප්‍රදේශය තුළ සිපෙට්කෝ පිරවුම්හල් නොමැති ස්ථාන 52ක් හඳුනාගෙන ඇති බව කී රාජකරුණා මහතා එම ප්‍රදේශවලට සැපයුම් සඳහා ප්‍රමුඛත්වය දීමට ඉන්ධන සමාගම් එකඟ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website