2026.11.08 දින සවස වීරවිල පොලිස් වසමේ පිහිටි එළිමහන් සිරකඳවුරේ පුනරුත්තාපනය වන රැඳවියෙකු කඳවුර භූමියේ පිරිසිදු කිරීමේ කටයුත්තක යෙදී සිටියදී කඳවුරු භූමියේ නිදැල්ලේ සිටි මුවෙකු ඇනීම හේතුවෙන් ප්රතිකාර සඳහා දෙඹරවැව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වීරවිල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු අවුරුදු 30 ක් වූ වරපලාන ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය දෙඹරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර 2026.11.09 වන අද දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. වීරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.















