පවතින අධික වැසි සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් පස්කඳු හා ගල් පෙරළී මාර්ගය අවහිරවීම හා නායයාමේ අවධානමක් මතුවීම හේතුවෙන් පෙර දින රාත්‍රී කඩුගන්නාව පොලිස් වසමේ ඩෝසන් කුළුණ අසලින් සහ මාවනැල්ල පොලිස් වසමේ ගනේතැන්න හන්දියෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබූ අතර එම මාර්ගය අද (11) උදෑසන 0600 සිට රථවාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේය.
තාවකාලිකව කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමූ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය නැවත විවෘත කෙරේ














