ඇළකට වැටී අවුරුදු 02ක ළදරුවා මරුට

ගල්නෑව-ගලේවැව මාර්ගය අසල ඇළකට වැටීමෙන් අවුරුදු දෙකක දරුවෙකු මිය ගොස් ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.

ඊයේ (23) දරුවා නිවසින් අතුරුදහන් වී ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේ දී ඇළ දිගේ පාලමක් අසල දරුවා සොයා ගත් බව පොලිසිය පැවසුවේය. දරුවා ගල්නෑව රෝහලට ගෙන යන ලද අතර එහිදී වෛද්‍යවරුන් ඔහුගේ මරණය තහවුරු කළ බව ද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website