සැහැල්ලු ගුවන් පැරෂූට් යන්ත්‍රයක් කඩා වැටී පලස්තීන ජාතික කාන්තාවක් මරුට

බෙන්තොට පොලිස් වසමේ වෙරළ මාර්ගයේ පවත්වා ගෙන යනු ලබන ආයතනයක් මගින් ඊයේ (29) දින සවස ගුවන් ගත කරන ලද සැහැල්ලු ගුවන් පැරෂූට් යන්ත්‍රයක් එය හසුරවන්නා හා එහි සිටි විදෙස් ජාතික කාන්තාව සමඟ මුහුදට කඩා වැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් එම කාන්තාව මියගොස් ඇති අතර පැරෂූටය මෙහෙයවූ කොලොම්බියා ජාතික පුද්ගලයා දිවි බේරාගෙන ඇත.

මරණකාරිය අවුරුදු 31 ක් වූ පලස්තීන ජාතික කාන්තාවකි.

මෘත ශරීරය නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම අනතුර සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website