තියුණු ආයුධයකින් පහරදී මනුෂ්‍ය ඝාතනයක් – සැකකරු අත්අඩංගුවට

2026.07.28 වන දින රාත්‍රී කාලයේ ගම්පොල පොලිස් වසමේ කීරපනේ ප්‍රදේශයේ නිවසක් තුළ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු වැටී සිටින බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය විසින් තුවාලකරු ගම්පොල රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඒවන විටත් තුවාලකරු මියගොස් සිට ඇත.

මරණකරු වයස අවුරුදු 52 ක් වූ කීරපනේ, ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මරණකරු හා සහෝදරියගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සහෝදරියගේ පුත්‍රයා විසින් මන්නා පිහියකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වයස අවුරුදු 43 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website