මාර්ගය හරහා ගමන් කළ සුනඛයා බේරීමට ගිය යතුරු පැදිකරු මාරාන්තික අනතුරක

2026.07.28 දින උදෑසන කාලයේ හුරිගස්වැව පොලිස් වසමේ ගල්නෑව තඹුත්තේගම මාර්ගයේ කිලෝමීටර් 30 කණුව ආසන්නයේ ඇති අතුරු මාර්ගයේ නාමල්ගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ සුනඛයෙකු බේරීමට යාමේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මීගලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 59 ක් වූ කලංකුට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හුරිගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඉහත ඡායාරූපය AI තාක්ෂණය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයකි -සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website