මහරගම රෝලන්ස් හන්දිය අසල දී ලංගම බස් රථයක් යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු ජීවිතක්ෂයට

මහරගම පොලිස් වසමේ රෝලන්ස් හන්දිය ඩී එස් අයි ආයතනය අසල අද (19) දින සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු මිය ගොස් ඇත.

කොට්ටාව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් දකුණට හැරවීමේදී කොළඹ සිට වැලිමඩ දක්වා මගීන් රැගෙන යමින් සිටි ලංගම බස් රථයක් එම යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත. මරණකරු වයස අවුරුදු 62ක් වන කුඩාඋඩුව, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු මහරගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website