කතරගම ඇසළ පෙරහැර සමයේ රථගාල් පහසුවෙන් සොයා ගැනීම සඳහා පොලිසියෙන් නව වෙබ් අඩවියක්

රුහුණු මහා කතරගම දේවාලය ඇසළ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන 2026.07.15 දින සිට 2026.07.30 දින දක්වා කතරගම වන්දනාවේ සහ පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගේ වාහන නවතා තැබීම සඳහා කතරගම නගරයේ පවත්වාගෙන යනු ලබන රථගාල් (Parking) පහසුවෙන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ තොරතුරු තාක්ෂණ කොට්ඨාශය මගින් වෙබ් අඩවියක් හඳුන්වා දී ඇත.

මෙම පෙරහර කාල සීමාව තුල වෙබ් අඩවිය මගින් සජීවිවම යාවත්කාලීන වන රථ ගාල්වල ඇති ඉඩ ප්‍රමාණය සම්බන්ධව තොරතුරු ලබා ගැනීම සහ තමන්ට ආසන්නතම මෙන්ම ඉඩ ඇති රථගාල වෙත පහසුම සහ මාර්ග තදබදය අඩුම මාර්ගය Google Map මගින් සොයා ගැනීමට පහසුකම් සලස්වා ඇත.

එසේම අමතර පහසුකමක් ලෙස හදිසි අවස්ථාවකදි සම්බන්ධ කරගත හැකි ස්ථාන මෙන්ම දුරකථන අංකයන්ද Google map සමගින් ඇතුලත් කර ඇත‍. කතරගම ප්‍රදේශයේ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සහ මහජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කරගැනීම මෙමගින් අපේක්ෂා කරනු ලබයි.

සකස් කරන ලද එම ‍වෙබ් අඩවියේ දිගුව සහ QR කේතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website