යතුරු පැදි 02ක් මුහුණට මුහුණ ගැටී පැදිකරුවන් දෙදෙනා ජීවිතක්ෂයට.

ගිරිබාව පොලිස් වසමේ යාය 02 ප්‍රදේශයේදී පැරකුම්පුර දෙස සිට තඹුත්තේගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී ඊයේ (08) දින අනතුරක් සිදුවී ඇත.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදි 02 හි පැදිකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ප්‍රතිකාර සඳහා පැරකුම්පුර රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. අනෙක් යතුරු පැදියේ පැදිකරු, පසුපැදිකාරිය සහ ඇයගේ වයස අවුරුදු 07ක් වන දරුවාද බරපතල තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහල වෙත ඇතුලත් කර ඇති අතර එහිදී එම පැදිකරුද මිය ගොස් ඇත. මරණකරුවන් දෙදෙනා වයස අවුරුදු 63ක් සහ 28ක් වන රාජාංගනය වම් ඉවුර, යායා 03 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

ගිරිබාව පොලිසිය මගින් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website