අරලගංවිල, බිම්පොකුණ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සිය බිරිඳට පහර දී මරා දැමූ සැකකාර සැමියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඊයේ (03) රාත්‍රී කාලයේදී මෙම පහරදීම සිදුවී ඇති අතර, බරපතළ තුවාල ලැබූ කාන්තාව අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ බිම්පොකුණ, අරලගංවිල ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි කාන්තාවකි.
පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් සිදුකරන ලද පහරදීමකින් මෙම මරණය සිදුවී ඇති බවට මේ වන විට සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.















