සූරියපුර, ජනසවිවැව ප්‍රදේශයේදී ඊයේ (03) අලුයම සිදුවූ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි සූරියපුර පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා තවත් අයෙකු සමඟ කුඹුරු ඉඩමකට ගොස් සිටියදී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.















