ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ ප්‍රබල සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 13 වන දින රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි දීර්ඝ විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට පියවර ගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් පළමු සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. මෙම සැකකරුගේ ඡායාරූපය කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයේ පිහිටුවා ඇති නවීන ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය වෙත 2025 වර්ෂයේ මාර්තු මස සිට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි. මොහු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘මෝදර නිපුණ’ නැමැත්තාගේ සෘජු සහෝදරයෙකු බවට විමර්ශනවලදී හඳුනාගෙන ඇත. මෙම සැකකරු මීට පෙර 2019 වර්ෂයේදී පමුණුගම පොලිසිය මඟින් ගංජා ළඟ තබා ගැනීමේ වරදටත්, 2020 වර්ෂයේදී මෝදර පොලිස් වසමේදී පුද්ගලයෙකුට පොල්ලකින් හා උල් ආයුධයකින් පහර දී තුවාල සිදු කිරීමේ අපරාධයටත් අත්අඩංගුවට පත්ව ඇති අතර, 2022 නොවැම්බර් මාසයේ සිට කොළඹ ප්‍රධාන අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර සිටි අයෙකි.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදුන් දෙවන සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවන්නෙකි. මොහු දීර්ඝ කාලයක සිට මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බරපතල ගණයේ අපරාධකරුවෙකු බව අනාවරණය වී ඇත. මෙම සැකකරුට එරෙහිව 2010 වර්ෂයේ ගණේමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් සහ කැලණිය ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා තිබේ. එලෙසම මොහු 2015 වර්ෂයේ කොළඹ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක ප්‍රධාන සැකකරුවෙකු වන අතර, 2016 වර්ෂයේ මාළිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති අයෙකි.
මීට අමතරව 2016 වර්ෂයේදී ගිනි අවියක් සහ පතරොම් සමඟ නීතිඥයෙකු මාර්ගයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැර සිටි මෙම සැකකරු, 2018 වර්ෂයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදු කිරීමේ දරුණු අපරාධයකට ද සෘජුවම සම්බන්ධ වී තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරනු ලබයි.













