නාරම්මල පොලිස් වසමේ හොරොම්බාව ප්රදේශයේදී කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත තීරුබදු නොගෙවා විදෙස් රටකින් ගෙන්වන ලද භාණ්ඩ සහ අමතර කොටස් සහිත කන්ටේනර් රථයක් සමඟ සැකකරුවෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු අවුරුදු 41ක් වන හොරොම්බාව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
විදේශීය මත්පැන් බෝතල් 190ක්, යතුරුපැදි කොටස්, යතුරුපැදි චැසි 42ක්, යතුරුපැදි එංජින් 44ක්, පාපැදි/පාපැදි කොටස්, ෆෝක් ලිෆ්ට් 06 ක්, ස්කැවේටර් යන්ත්ර 03 ක්, කෘෂි උපකරණ හා ගෘහ භාණ්ඩ රැසක් මෙම කන්ටේනර් රථයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
මෙම කන්ටේනර් රථය පරීක්ෂා කිරීම සඳහා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ගේ සහයට කුරුණෑගල හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවලට අනුයුක්ත සෝදිසි නිලධාරීන්ද කැඳවා ඇත. කුලියාපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













