හෝමාගම පොලිස් වසමේදී බස්නාහිර පළාත (දකුණ)දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (23) දින ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර යතුරුපැදි සොරකම් හා කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකෑම් වලට අවශකර සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17 මිලිග්‍රෑම් 800 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 28 ක් වන පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී සොරාගන්නා ලද යතුරුපැදි දෙකක් හා රන්මාල තොගයක් සොයාගෙන ඇති අතර සැකකරු විසින් කොට්ටාව, මීගොඩ, මිරිහාන, මහරගම, හෝමාගම, මාළබේ හා ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම්වලදී අමෙම අපරාධයන් සිදුකර ඇති අතර බස්නාහිර පළාත (දකුණ)දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













