දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරු රන් භාණ්ඩ ද සමගින් අත්අඩංගුවට

හැටන් දික්ඔය ප්‍රදේශයේ නිවසක් (වෙළඳසැලක්) තුළදී තියුණු ආයුධයකින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු, සොරාගත් රන් භාණ්ඩ ද සමඟින් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ.

පසුගිය 2026.05.21 වන දින රාත්‍රී කාලයේදී හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ප්‍රදේශයේදී වයස අවුරුදු 75ක් වූ කාන්තාවක සහ වයස අවුරුදු 85ක් වූ පිරිමි පුද්ගලයෙකු මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව තිබූ අතර, ඒ පිළිබඳව හැටන් පොලිසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් ඊයේ (23) දින සිදුකළ විශේෂ මෙහෙයුමකදී, අපරාධයට සම්බන්ධ සැකකරු බගවන්තලාව පොලිස් වසමේ පෙට්ට්‍රසෝ තේ වතු ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන හාළිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අපරාධය සිදුකර කොල්ලකන ලද රන් මාලයක්, පෙන්ඩනයක්, කරාබු ජෝඩුවක් සහ රන් තැල්ලක් පොලිස් භාරයට ගෙන ඇත.සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website