සංචාරක සමාගමක මුවාවෙන් රත්මලාන ගුවන්තොටුපළ අසල අත්තිඩිය ප්‍රදේශයේ රහසිගතව පවත්වා ගෙන ගිය රූපවාහිනී සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් වටලා ඇති අතර මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
විදුලි සංදේශ බලධාරීන්ගේ සහාය ඇතිව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම වැටලීම කළ බව ගල්කිස්ස පොලිසිය පැවසුවේය.
චන්ද්‍රිකා ග්‍රාහක, චන්ද්‍රිකා ඩිෂ්, පරිගණක, ස්ටාර්ලින්ක් ඒකකයක් සහ අනෙකුත් සම්ප්‍රේෂණ උපකරණ ඇතුළුව රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ මෙහි තිබී පොලිස් භාරයට ගෙන ඇත.















