තාවකාලික කඩයක එළවළු සහ පලතුරු විකිණූ පිය – පුතු දෙපොළට මහ රෑ වන අලි ප්‍රහාරයක්

වන අලියෙකු එල්ල කළ ප්‍රහාරයකින් පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහුගේ 18 හැවිරිදි පුතා බරපතළ තුවාල ලබා ඇති බව ගල්ගමුව පොලිසිය පැවසීය.

අද (01) අළුයම ගල්ගමුව, මී ඔය ආසන්නයේ පිහිටි පාළුකඩවල මංසන්ධිය අසල තාවකාලික එළවළු හා පලතුරු වෙළෙඳසැලකට කඩා වැදුණු  වන අලියෙකු එහි නවාතැන් ගෙන සිටි මෙම පුද්ගලයින් දෙදෙනාට පහර දී ඇත.

වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ තිරප්පනේ ප්‍රදේශයේ සිට පැමිණ 54 හැවිරිදි පුද්ගලයෙක් බව ද පොලිසිය පැවසීය. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ පුතා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website