අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අද (01) විවෘත වරෙන්තු නිකුත් කළේය.
ඥානසාර හිමියන් විදේශ ගතවීම වළක්වාලමින් විදේශ ගමන් තහනමක් ද පැන වූ අභියාචනාධිකරණය ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් නියෝග කළේය.














