ස්වාමි පුරුෂයා එල්ල කළ පොලු පහරින් බිරිඳ ජීවිතක්ෂයට

රක්වාන පොලිස් වසමේ කන්දකුඹුර ප්‍රදේශයේ නිවසක කාන්තාවක් මියගොස් ඇති බවට 2026.09.26 දින ලද පැමිණිල්ලක් මත රක්වාන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය අවුරුදු 39 ක් වූ කන්දකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.‍

මරණකාරිය හා ඇයගේ ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ පවුල් ආරවුලක් දුර දිග යාම හේතුවෙන් 2026.09.25 දින රාත්‍රීයේ පොල්ලකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම අපරාධයට සැකපිට මරණකාරියගේ ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website