විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට අද (10) පාර්ලිමේන්තුවේදී අත්සන් තැබුවේය.
මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත.















