ත්‍රීරෝද රථයක් ලොරි රථයක ගැටී ත්‍රීරෝද රථ රියැදුරු ජීවිතක්ෂයට

පන්නල පොලිස් වසමේ පන්නල කුලියාපිටිය මාර්ගයේ පන්නල නගරය ආසන්නයේදී ඊයේ (08) කුලියාපිටිය දෙස සිට පන්නල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මරණකරු අවුරුදු 36 ක් වූ ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පන්නල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website