අයිස් මත්ද්‍රව්‍ය හා හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොලොන්නාව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 මිලිග්‍රෑම් 710 ක් හා හෙරොයින් ග්‍රෑම් 112ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගෙන වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 31 ක් වන කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැල්ලම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website