පාඩු පිට පාඩු ලබන ශ්‍රී ලන්කන් රජයෙන් රුපියල් බිලියන 100ක් ඉල්ලලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරීත්වය දැඩිව විවේචකය කරමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර එකහමාරක පමණ කාලයක් ප්‍රධාන විධායක නිලධාරියෙකු නොමැතිව එය ක්‍රියාත්මක වන බවයි.

“මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සභාපතිවරයෙකු පවා නැහැ” එහි වත්මන් තත්ත්වය ගැන සිය බලවත් කණස්සල්ල පළ කරමින් ආචාර්ය හර්ෂ පැවසුවේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට කරන ලද ප්‍රධාන පත්වීම්වල විනිවිදභාවය පිළිබඳව CoPF කමිටුව ප්‍රශ්න කර ඇති බව ද ඔහු පැවසුවේය.

“මේ පසුබිම තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය කළමනාකරණය කරන්නේ කෙසේ කියා බලධාරීන් ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුයි” හර්ෂ ද සිල්වා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website