අකුරේගොඩ ද්විත්ව ඝාතකයින්ගේ රියැදුරා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය ඉල්ලයි

2026 පෙබරවාරි 16 වන දින තලංගම අකුරේගොඩ සුපිරි වෙළඳසැලක රථගාලකදී වෙඩි තබා ඝාතනය කරන ලද නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳගේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් (දකුණු) කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මහජන සහාය ඉල්ලයි.

ප්‍රහාරයේදී තුවක්කුකරුවන් භාවිතා කළ වාහනයේ රියදුරු ලෙස සැකකරු කටයුතු කර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් බස්නාහිර පළාත් (දකුණු) කොට්ඨාශ අපරාධ අධ්‍යක්ෂ – 0718592279 හෝ බස්නාහිර පළාත් (දකුණු) කොට්ඨාශ අපරාධ ස්ථානාධිපති – 0718596065 වෙත ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website