ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ ගෝලීය උපදේශන නිර්දේශයන්ට අනුකූලව මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් සම්ප්‍රේෂණය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ගත් පියවර අගය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ පිළිගැනීමේ සහතිකයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළේය.
මෙම සහතිකය ජිනීවාහි පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් අද (19) ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස වෙත භාර දුන්නේය.
මවගෙන් දරුවාට HIV සහ සිෆිලිස් සම්ප්‍රේෂණය තවදුරටත් ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස නොසැලකෙන මට්ටමට අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ලබා ඇති ප්‍රගතිය අගය කිරීම සඳහා මෙම පිළිගැනීම පිරිනමන ලදී.
ගෝලීය මිණුම් සලකුණු වලට අනුකූලව මහජන සෞඛ්‍ය ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය ලබා ඇති ප්‍රගතිය මෙම පිළිගැනීම මගින් පිළිබිඹු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේය.
















