ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (25) රත්මලාන හා ඉඹුල්ගොඩ ප්‍රදේශවලදී ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 91 මිලිග්‍රෑම් 200ක්, ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 02ක් හා ව්‍යාජ රුපියල් 2000 මුදල් නෝට්ටු 21 ක් සමඟ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අවුරුදු 25, 29, 30, 32, 35 හා 52 වයස්වල පසුවන ඉඹුල්ගොඩ, දෙහිපිටිය, පැලෑඳ හා රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.













