20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දුන් අවස්ථාවේදී එවකට විපක්ෂ මන්ත්රීවරයෙකුව සිටි අනුර කුමාර දිසානායක ඉල්ලා සිටි ජනමත විචාරණය යෝජිත 22 වන සංශෝධනය සඳහා අනවශ්‍ය ලෙස සලකන්නේ මන්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්න කළේය.
ඊයේ (06) සමගි වනිතා බලවේගයේ රත්තොට ආසන කමිටුව පිහිටුවීම සඳහා පැවති රැස්වීමකදී අදහස් දක්වමින් විපක්ෂ නායකයරයා පැවසුවේ යෝජිත 22 වන සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට හානි කරන අතර නීතියේ ආධිපත්‍යය තවදුරටත් දුර්වල කරන බවයි.
මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසුවේය, “අනුර කුමාර දිසානායක විපක්ෂයේ සිටියදී, 20 වන සංශෝධනය හඳුන්වා දුන් විට, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණක් ප්‍රමාණවත් නොවූ බවත්, ජනමත විචාරණයක් ද අවශ්‍ය බවත් ඔහු පැවසුවා. අද, ඔහුගේම රජයේම මන්ත්‍රීවරු 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව පවසනවා. එදා 20 වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් ඉල්ලා සිටියේ නම්, දැන් 22 වන සංශෝධනය සඳහා එකක් අවශ්‍ය නොවන්නේ ඇයි කියලා ජනාධිපති අනුර කුමාර දිසානායක රටට පැහැදිලි කළ යුතුයි”.














